මැයි දිනට පොලිසියේ විශාල පිරිසක්!

මැයි දින පෙළපාළි පැවැත්වෙන සියලුම ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසියේ හත්දහසකට වැඩි පිරිසක් යොදවා තිබේ. විශේෂයෙන් මෙම මැයි දින පැවැත්වෙන ස්ථානවල ආරක්ෂාව සහ රථ වාහන රාජකාරි සඳහා මෙම පිරිස යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කෙළේය. විශේෂයෙන් කොළඹ සහ මහනුවර ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
අද රාත්‍රි කාලයේ සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ඒ අනුය එම රාජකාරිවලට යොදවා ඇති පොලිස් නිලධාරින් අද සිට මෙම රාජකාරිවලට වාර්තා කිරීමට උපදෙස් දී තිබේ.
පොලිසියේ ආරක්ෂක කණ්ඩායම්, පොලිස් බුද්ධි අංශ, කැරලි මර්ධන කණ්ඩායම් , ජංගම පොලිස් රථ, ඇතුළු සියලු අංශවලින් සමන්විත වෙයි.
මේ අනුම මැයි දින පෙළපාළි සහ රැස්වීම හේතුවෙන් කොළඹ බස්රථ ධාවන මාර්ග කිහිපයක් සඳහා විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා මාර්ග අංක 138,154, 176 , 103,මාර්ගවල අදාළ කාලය තුළ පොලීසිය හඳුන්වා දෙන විකල්ප මාර්ගවල ගමන් කළ යුතු බව පොලීසිය කියයි.
නුවර පාරෙන් කොළඹට ඇතුළු වන සියළු වාහන බණ්ඩාරනායක වට රවුම , ඉඟුරු කඩේ හන්දිය, සිරිමාවෝ වට රවුම ආමර් වීදිය, විදුලි සාංඥා හන්දිය ආමර් වීදිය සෙන්ට්‍රල් පාර හරහා පිටකොටුව දෙසට ගමන් කළ යුතු වෙයි.
ගාලු පාර කොටුව සිට දෙහිවල දක්වා සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ සාමාන්‍ය වාහන ගමනා ගමනය කරන මාර්ග ලෙස පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
අද (30) රාත්‍රියේ කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව පොලිස් මූලස්ථානය කියා සිටියි. මේ අතර ගන්නොරුව මාර්ගයෙන් ගැටඹේ ක්‍රිඩාංගණය දක්වා සහ මහනුවර පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ ගැටඹේ ක්‍රිඩාංගණය ට පැමිණීමට හැකි වන අතර රථවාහන නැවැත්වීම සඳහා විශේෂ ස්ථාන නම් කැර තිබේ.
කොළම සි‍ට මහනුවරට යන වාහන සහ මහනුවර සිට කොළඹට එන වාහන විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවද පොලිස් මූලස්ථානය කියා සිටියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.