රාජ්‍ය අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි! විශේෂ වාර්තාවකින් අනාවරණය වෙයි

ගතවූ වසර දෙක තුළදී නියමිත ඉලක්‌කයන් වෙත ළඟා නොවූ රාජ්‍ය අමාත්‍යාංශ 38 ක්‌ ඇති බවට රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විශේෂ වාර්තාවක්‌ මගින් දැනුම් දී තිබේ.
මෙම රාජ්‍ය අමාත්‍යාංශ අතර ජාතික මට්‌ටමේ අමාත්‍යාංශ කිහිපයක්‌ ද තිබීම විශේෂත්වයක්‌ වන අතර මෙම අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල් පවා වියදම් කර නොමැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වයට එම අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්ගේ අකාර්යක්‍ෂමතාවය ද ප්‍රධාන වශයෙන්ම බලපා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත.
අදාළ අමාත්‍යාංශ පිළිබඳ අගමැතිවරයා සිය ජපාන හා වියට්‌නාම සංචාර නිමාකර පැමිණි පසු ඒවායේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, ලේකම්වරු අරලියගහ මන්දිරයට කැඳවා මේ පිළිබඳ විමසීමට නියමිත බවටද වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *