විමල්ට අවුරුදු කන්න විශේෂ ඇපයක්..!

රජයේ වාහන පවුලේ අයවලුන් වෙනුවෙන් අව භාවිත කරමින් කෝටි 10කට අධික මහජන මුදල් විනාශ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා පරීක්ෂණයට අදාළ නීතිමය හා සිද්ධිමය කරුණු දක්වමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණද එම ඇප ඉල්ලීම ලබන 07 වන දින සලකා බලන බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර ඇත.
එදින වන විට විමල් වීරවංශ මහතාගේ අසනීප තත්ත්වය යහපත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බව අද(03) අධිකරණයට දැනුම්දී තිබේ.
එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර එම පරීක්ෂණවල මුල්ගොණු නීතිපතිවරයා වෙත යොමුකර උපදෙස් ලබාගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.