විශේෂඥ වෛද්‍ය පාදෙණියට ගැසු මඩ මෙහෙයුම ලත්තැනම ලොප්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මඩවේදීන් කල්ලියක් විසින් සමාජජාලවල සිදුකරගෙන ගිය මඩගැසීමේ මෙහෙයුම පැය 12ක් ගතවීමටත් මත්තෙන් ලත්තැනම ලොප් වී ඇත.
විශේෂඥ වෛද්‍ය පාදෙනිය මහතා අද(05) දින සයිටම් විරෝධී වැඩවර්ජනයට සහභාගී වුවද ඔහු පුද්ගලික රෝහල්වල චැනල් සේවාවේ නිරත වන බවට චෝදනා කරමින් ඒ මහතාව චැනල් කළ රිසිට්පතක් ගෙන මඩ ප්‍රචාරයක් ඊයේ(04) රාත්‍රියේ සිට ගෙන යමින් තිබුණි. මේ සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසන ලද අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට මහතා අද දින(05) කිසිදු පුද්ගලික රෝහලක වෛද්‍ය සේවා සඳහා සහභාගී නොවන බවයි.
අද පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හේතුවෙන් ඔහු පුද්ගලික රෝහල්වලට නොපැමිණෙන බව එම රෝහල්වලට දැනුම්දී තිබුණත් ඇතැම් චැනලින් සේවා වෙබ් අඩවිවල එම තොරතුර යාවත්කාලීන වී නොතිබුණු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට මඩ ගැසීම වෙනුවෙන් අද දින සවස 4ට ඒ මහතාව චැනල් සේවය ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගත් රිසිට් පතක් සිය සමාජ ජාල පිටුවට එක් කර තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.