සූර් වුණු තරුණ සේවා සභාපති මාධ්‍යවේදීන්ට තඟ දමයි!

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් බොරැල්ල කැම්බල් පිටියේ පැවති එජාප මැයි රැලිය අතරතුර ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ නැමැත්තා විසින් වෙබ් මාධ්‍යවේදියෙකුට තර්ජන කොට ඇතැයි වාර්තාවේ.
මෙලෙස තරුණ සේවා සභාවේ සභාපතිවරයා විසින් තර්ජනය කර තිබෙන්නේ ගොස්සිප්99 වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වන කවිඳු දිල්ෂාන් වෙතයි.
අදාල වෙබ් අඩවිය විසින් 2015 වසරේ නොවැම්බර් මාසයේදී පළකළ පුවතක් සම්බන්ධයෙන් මෙම තර්ජනය එල්ල වී තිබෙනවා. අදාල මාධ්‍යවේදියා පවසන්නේ වැලිඅංගේ මහතා මැයි රැලිය අතරතුර බීමතින් පැමින අදාල පුවත සම්බන්ධයෙන් විස්තර අසමින් තමන්ට තර්ජනය කළ බවයි. ‘යූත් එකේ ඒවා එලියට දාන්න උඹ කවුද ? උඹ දන්නෙ නෑ මම කවුද කියලා. මැරුම් නොකා හිටපං’ යනුවෙන් පවසමින් මාධ්‍යවේදියාට තර්ජනය කර තිබේ.
ගොසිප්99 වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුනේ තරුණ සේවා සභා සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් 2015 නොවැම්බර් මාසයේදී පැවති යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී සිදුවූ ඡන්ද මගඩියක් සම්බන්ධයෙනි.
අදාල මැතිවරණයේදී රක්වාන මැතිවරණ කොට්ඨාශයෙන් ඉදිරිපත් කර තිබූ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් අදාල පුවතින් වර්තා කර තිබිණි. අදාල අපේක්ෂකයා මැතිවරණ චක්‍රලේඛයේ වගන්ති උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර තිබූ අතර ඔහු අදාල මැතිවරණ කොට්ඨාශයේ ස්ථිර පදිංචිකරුවෙකු නොවේ. එසේම ඔහු ඉදිරිපත් කර තිබුනේ තාවකාලික පදිංචිකරුවෙකු ලෙස ලබාගත් ග්‍රාමසේවා සහතිකයක් ද සමගිනි.
මේ පිළිබඳව පැමිණිල්ලක් ජාතික තරුණ සේවා සභාපතිවරයා වෙත යොමු කළද ඔහු විසින් බලපෑම් කර මෙම සිද්ධිය යටපත් කර ඇත.
යහපාලන නායකයන් උදේ රෑ, යහපාලනයේ මාධ්‍ය නිදහස පිළිබඳව පාරම් බාමින් සිටින අතරතුර යහපාලනයෙන් ගොඩගිය වැලිඅංගේලා මැයි දිනයදාම මාධ්‍යවේදීන්ට යහපාලන රැස් පෙන්වීම අභාග්‍යයකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.