ආපදා තත්ත්වයෙන් අහිමි වූ ජීවිත ගණන තවත් ඉහළට! මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්!

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 207,290 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්ක 14කට මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
පස් කඳු කඩා වැටීම් හා ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 113දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර පවුල් 32,215කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 28,047 දෙනෙකු පීඩාවට පත්ව සිටියි. පුද්ගල මරණ වැඩිම ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 46ක් වේ.
මීට අමතර කළුතර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 38ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 11ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.