මැයි දිනයට ජනතාවගෙන් රැළි සහ පිටි පිරවුණු හැටි (වීඩියෝ)

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල බලය පෙන්වීමේ සටනක්‌ බවට පත්කරගනිමින් ඊයේ (01) ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පවත්වනු ලැබූ මැයි දින රැලිවලට ජනගංගාවන් ගලනු දැකිය හැකි විය.
ඇතැම් මැයි පෙළපාලි රැස්‌වීම් අවසන් වනවිටත් නිමාවට පත්වී නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන වත්මන් රජයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ද සහභාගි වූහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි දින රැලිය කොළඹ කැම්බල් පිටියේදී පැවැති අතර ඊට එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්‌ෂ නායකයන් එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන වත්මන් රජයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම රැලිය සඳහා පැමිණි මහින්දවාදීන්ගෙන් ගෝල්ෆේස් පිටිය පිරීගොස්‌ තිබුණි.
ජනතා විමුක්‌ති පෙරමුණ මැයි දින රැලිය කොළඹ බී. ආර්. සී ක්‍රීඩාපිටියේදී පක්‍ෂනායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්‍ෂයේ සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ජවිපෙ මැයි දින පෙළපාලිය දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ක්‍රීඩාපිටිය අසලින් ගමන් ආරම්භ කරන ලදී.
[youtube E-q0tJHPCpo]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.