නාය යෑම් වලින් පුද්ගලයින් රැසක් මරුට; තවත් පිරිස් අතුරුදහන්! (Video)

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල බෝගහවත්ත කන්ද නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් නව දෙනෙකුගේ සිරුරු මේ වනවිට පිඹුර රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
නාය යෑමට ලක්වූ ප්‍රදේශය අවට තවත් නිවාස රැසක් නාය යෑමේ තර්ජනයට ලක්වී ඇති බවත් නිවාසවල ඉරි තැලිම් දක්නට ඇති බවත් වාර්තා වේ.
පවතින අධික වර්ෂාවත් සමග සහන සේවා කටයුතු සිදු කිරමට අපහසු තත්වයක් මතුව ඇති බව පැවසේ. මුදා ගැනීම් සඳහා මේ වනවිට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් හා එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදවා ඇති බව පැවසේ.
මේ අතර අගලවත්ත, මාවතවත්ත නිවාස තුනක් නායයාමට හසුව පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගැබිණි මවක හා කුඩා දරුවකු ද මිය ගිය අය අතර වෙති. එම නිවාස තුනෙහි 12 දෙනකු සිටි බවත් අතුරුදන්වී ඇති අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.
[youtube T-DxJ87r9RM]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.