මහින්දට ප්‍රමාණවත් ආරක්ෂාවක් දිය යුතුයි – ශ්‍රීලනිප තරුණ පෙරමුණ

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් රජය මඟින් ලබා දිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණ කියා සිටී.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභූ ආරක්ෂක ඒකකයෙන් නිලධාරීන් 42ක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම ප්‍රභූ ආරක්ෂාව සලසා දිය යුතු සියල්ලන්ගේම ආරක්ෂාව රජය විසින් තහවුරු කළ යුතු බවත් එය තරුණ සංවිධානයේ ස්ථාවරය බවත්ය.
තරුණ සංවිධානය යනු වෙනමම සංවිධානයක් බවත් කිසිදු පක්ෂයකට හෝ දේශපාලන බලමුළුවකට එකතු වී නොමැති බවත් පැවැසූ ශාන්ත බණ්ඩාර මහතා ස්වකීය සාධාරණ මතය විවෘතව පැවැසීමට කිසිවකුගෙන්වත් තම පෙරමුණට බලපෑමක් නැති බව කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
ඕනෑම ගැටලුවක් විසඳීමට තම පෙරමුණට බලපෑමක් කළ හැකි වුවත් එයට එරෙහිව ක්‍රියාත්මකවීමට තරුණ පෙරමුණට බලයක් නොමැති බවත් ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.