ජාතියේ මුරදේවතාවුන් වහන්සේ පොලිසියට බියේ කට්ටි පනින සේක

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම දිගින් දිගටම පැහැර හැර තිබෙන බව පොලීසිය පවසයි.
මේ හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර තිබේ. පොලීස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම යන සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස මෙහෙයුමක් ඇරඹු බව පොලීසිය පවසයි.
මේ වන විට ස්වාමීන් වහනසේ අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත්කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.