“කළු කොඩි දානවා කියපු අය මහ රෑ මෝදි හමුවුනා” – ජනාධිපති

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස මහින්ද පිලේ මන්ත්‍රීවරු ජනතාවගෙන් ඉල්ලා සිටියද එහි ඇතැම් පිරිස් ඉන්දීය අගමැතිවරයා පැමිණි දින “රාත්‍රී එකොළහට ගොස්” ගොස් ඔහුව හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
“හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා. මම කිව්වා අනේ හම්බවෙන්න දෙන්න කියලා. රෑ එකොළහට තමයි ගිහිල්ලා හම්බවුනේ කළු කොඩි කාරයෝ” යනුවෙන් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හදිසි හමුව ගැන අදහස් දක්වමින් ඊයේ (15) පොලොන්නරුවේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරුද්ධව කළු කොඩි දමන ලෙස මහින්ද පිලේ මැයි රැළියේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කර තිබිණි.
කෙසේ නමුත් රටේ කිසිඳු පුද්ගලයෙක් මෝදි අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයට එරෙහිව කළු කොඩි එසවීමට කටයුතු කර තිබූ බවට වාර්තා නොවූ අතර අඩුම තරමේ එම යෝජනාව සිදු කර තිබූ විමල් වීරවංස මහතා ගේ නිවසේ හෝ කළු කොඩියක් එසවිමට කටයුතු කර තිබුණේ නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.