රතුපස්වල මිනිස් ලෙයින් රතුකළ කුප්‍රකට මිනීමරු බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් බීමට පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන කුප්‍රකට බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන නැමැත්තා රහස් පොලීසිය විසින් අද(25) අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම කුප්‍රකට බ්‍රිගේඩියර්වරයාගේ තුච්ඡ මිනීමැරීමේ ක්‍රියාන්විතය නිසාවෙන් බීමට පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
අද අත් අඩංගුවට ගත් බ්‍රිගේඩියර්වරයා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
[youtube O65d1wraPmQ]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.