මහින්දට කළකම් පළදේ… මහින්දගේ අංග ආරක්ෂාවට මොකද වෙන්නේ..?

විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපතිවරයාව සිටියදී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් පළිගැනීම සඳහා සිදුකළ තුච්ඡ ක්‍රියාවේ දිට්ටදම්මවේදනීය ප්‍රතිථල අද වෙසක් මාසය උදාවත්ම ඔහු අත්විඳිමින් සිටී.
තමා කිසිදා පරාජය වන්නේ යැයි නොසිතූ කු.පා.ම මහින්ද රාජපක්ෂ එවකව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව තැතිගැන්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා තීන්දුවක්‌ ලබාගත්තේ හිටපු ජනාධිපතිවරයකුට ආරක්‌ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බවට සඳහන් කරමිනි.
එහෙත් වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම් සහ අදෝනා සලකා බලා ඓතිහාසිකව පරාජය ලබා ගෙදර යන මුල් අවස්ථාවේදී මහින්ද ඉල්ලූ පරිදි විශාල ආරක්ෂක බල ඇණියක් ලබාදුන් අතර මේ වන විට එය බුද්ධි අංශ සහ ආරක්ෂක අංශවල උපදෙස් සහ නිර්දේශමත ක්‍රමිකව අඩුකරමින් සිටී.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකට පවා ගොදුරු වූ අතර ඇය ඉන් ජීවිතය බේරාගත්තේ අනූනවයෙනි. එහෙත් එදා සිට අද දක්වා මහින්දට එවැනි කිසිඳු අවදානමක් නොතිබූ අතර මේ වන විට මහින්දගේ ආරක්ෂක ක්‍රමිකව අඩුකරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටත්, බුද්ධි අංශ සහ ආරක්ෂක නිර්දේශයන්ට අනුවය.
පිදුරු ගහේ එල්ලී හෝ ගොඩයන්න දතකන මහින්ද රාජපක්ෂ මේ වන විට කැමරාවක් ඉදිරියේ යොදාගන්නා ප්‍රධාන මාතෘකාව තම අංගාඅරක්ෂකයින් ඉවත්කිරීම ගැන කියවමින් ජනතා අනුකම්පාව දිනාගැනීම බව පෙන්නට තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

1 Comment

  1. ponna wesige puthalata mula mathaka naha.kari sinhala wesa ballo innawa mula mathaka nathi. chandrika mona magulak karalada yakoo..sri lankawata. innakan hora kewa witharamaiy.rata kotingen bera gathtu uthtamaya thopita watinne nathi unata..apita maha merak wage yakoo. ethumage mile gahakatawath haniyak wenna rate bahuthara janathawa ida thiyanne naha.ratata adare hama kenama…mahinda mahathtaya ekka yakoo.mathaka thiya ganin thopi wage ballonta wadi ausha naha.

Leave a Reply

Your email address will not be published.