සයිටම් විරෝධී වැඩ වර්ජනයට දුම්රිය සහ තැපෑලත් එක්වෙයි

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළකිරීම සඳහා දුම්රිය වෘත්තීය සංගම් සහ තැපෑල් වෘත්තීය සංගම්ද එක්ව තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද සයිටම් විරෝධී සටනට සහය පළකරමින් හෙට දිනයේ බස් රථ ධාවනයෙන් ඉවත්වන බව මීට පෙර පැවසීය. සයිටම් උපාධි අලෙවි ආයතනයට සහය පලකරමින් මේ අනුව හෙට දිනයේ ශ්‍රී ලංකා දුම්රිය සේවයද රාජකාරි වලින් ඉවත්වන අතර ඒ අනුව හෙට දිනයේ දුම් රිය ගමනාගමනයද කඩා වැටෙනු ඇත.
වැඩවර්ජනය හේතුවෙන් හෙට දිනයේ තැපැල් සේවා කටයුතුද අඩපණ වනු ඇත. මීට අමතරව සයිටම් විරෝධී දීපව්‍යාප්ත වැඩ වර්ජන සටනට වෘත්තීය සමිති ඇතුළු සංවිධාන 100 කට වැඩි ප්‍රමාණයක් සහය දක්වන බවට වාර්තාවේ.

ආශ්‍රිත පුවත්: SAITM විරෝධී සටනට ලංගමයත් එක්වෙයි

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.