ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් එකට SLMC ලියාපදිංචිය දෙන්නේ නැහැ – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

“ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය.
“මම වලපයයි ගොඩපයයි කියාගෙන ජීවත් වෙන කෙනෙක්. අපි බයකරලා කිසිම පුද්ගලයකුට හෝ දේශපාලන බලවතෙකුට ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ“ යැයි ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය.
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ වෛද්‍යවරුන්ගේ වෘත්තීය විනය ආරක්ෂා කිරීම වෛද්‍ය සභාවේ වගකීම වන අතර ප්‍රමිතිය පිළිබඳ ගැටළුව නිසා වෛද්‍ය සභාවට ප්‍රහාර එල්ල වන බවද කාලෝ ෆොන්සේකා මහතා කියයි. 2002 වසරේ සිට මේ දක්වා වෛද්‍ය සභාවට ප්‍රහාර හතක් එල්ල වී තිබෙන බවද ඒ මහතා පවසයි.
ඇමෙරිකාවේ වෛද්‍ය අතපසුවීම් නිසා 2013 දී පුද්ගලයින් 440000 ක් මියගොස් ඇති හෙයින් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ඉතා වැදගත් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
2015 වසරේදී විශේෂඥයින් 10 දෙනකුගේ කණ්ඩායමක් සයිටම් ආයතනය පරීක්ෂා කොට ලබාදුන් වාර්තාවට අනුව එම සිසුන්ට සායනික පුහුනුව ප්‍රමාණවත් නැති බව තහවුරු වී ඇතැයිද මහාචාර්ය ෆොන්සේකා මහතා පැවසීය.
[youtube mi6lPLrvxaw]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.