කාටද සතුටු දැන්..?

වමේ දැවැන්ත මැයි රැුලියක් දැක බලා ගැනීමේ වාසනාව තවමත් අපට උරුමකර දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ රටේ පැරණි වමේ පක්ෂ මැයි දිනය දවසේත් ජාතිවාදීන් හා ධනපති පක්ෂ සමඟ එකට මැයි දිනය සැමරීම පුරුද්දක් කරගෙන සිටී. එහෙත් ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙවර ස්වාධීනව මැයි දිනය සැමරීම සතුටට කරුණකි. 1979 පසු කොමියුනිස්ට් පක්ෂය තනිව මැයි දිනයක් පැවැත් වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
මැයි දින සැමරුම් ඉතිහාසයේ වැඩ කරන ජනතාවට තිබූ ශක්තිය ගිලිහී යන්නේ 1963 වාමාංශික එක්සත් පෙරමුණ කඩාබිඳ දමා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සභාග රජයට වමේ පක්ෂ මුක්කු ගැසීමත් සමඟය. පළමුව ලංකා සමසමාජ පක්ෂයද දෙවනුව ලංකා කොමියුනිස්ට් පක්ෂය ද මේ මුක්කු දේශපාලනයට එක්වූයේ ඔවුන් සතු අති දැවැන්ත වෘත්තීය සමිති ව්‍යාපාරයක් දිය කර හරිමිනි.
“1940 පසු එදා ලංකා සමසමාජ පක්ෂය නමින් භේද නොවී සිටි නායකත්‍වය යටතේ එක්සත් මැයි දින උළෙලක් පැවතුණේ 1963දී පමණි. එදා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පෙළපාලි දෙකටම සහභාගි වූ පිරිස මෙන් 5 ගුණයකට අධික සංඛ්‍යාවක් මේ පෙළපාලියට සහභාගි වූ බව වාර්තා විය.” එක් වාර්තා කරුවෙකු එය වාර්තා කළේ මෙසේයි. ”මා මේ වාර්තා කරන්නේ ආනන්ද මහා විද්‍යාලය අසල සිටයි. වාමාංශික එක්සත් පෙරමුණේ මහයා පෙළපාලියට මේ ස්ථානය පසු කිරීමට පැය 2කට වඩා ගතවිය.”
මාධ්‍යවේදී ඇස්. පියසේනයන් මේ අතීත සිදුවීම 1988 මැයි 01 වැනිදා පුවත්පතකට වාර්තා කර තිබුණේ මේ අයුරිනි. (උපුටාගැනීම – හුදකලාවේ ආවර්ජන*
මේ නිසා මැයි දිනයේ හරය දියකර හැරීම හා එහි දේශපාලනය පක්ෂ දේශපාලනයට යටවීම ඇරඹෙන්නේ මීට දශක කීපයකට පෙර සිටය. අද දවසේ දක්නට ලැබෙන්නේ එහි ක‍්‍රමික විකාශනයකි. පසු කලෙක මැයි දින රැුලි වනාහී ප‍්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලන වුවමනාවන් පිළිබිඹු කරන සංදර්ශනාත්මක සැමරුමකි. මේ වනවිට එය දේශපාලන පක්ෂවල බලය හා හයිහත්තිය පිළිබිඹු කරන දැවැන්ත ව්‍යාපෘතියක් බවට ද පත්ව ඇත.
මේ රටේ මහ පක්ෂවලට සිය පාක්ෂික ජනයා සිහිවන්නේ පක්ෂ සංවත්සර වලට හා මැයි රැුලිවලට ඔවුන් කැඳවාගෙන එ්ම උදෙසාය. ඊට අවැසි බර පැන් දරණු ලබන්නේ පක්ෂයේ ආසන සංවිධායකවරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන ”මෝරකු” නැතිනම් මුදල් වියදම් කරණු ලබන ව්‍යාපාරිකයෙකු විසිනි. මෙවන් පසුබිමක පසුගියදා පැවැති මැයි රැුලිද ප‍්‍රධාන දේශපාලන පක්ෂවල නායක කාරකාදීන්ගේ බල ව්‍යාපෘති හා එකිනෙකාට සිය ශක්තිය ප‍්‍රදර්ශනය කරනු ලබන බලකේන්ද්‍ර වී තිබුණි.
”වෙනස සැපද ?
ඔන්න අභියෝගය බාරගත්තා. පිට්ටනිය පිරෙව්වා….
දීපන් ආණ්ඩුව. නැත්නම් බහිනව පාරට.
ඉන්දියන් කාරයා එනවට විරුද්ධව වෙසක් දවසටත් දාපන් කළුකොඩි…”
ආදී තර්ජනාත්මක සටන් පාඨ ප‍්‍රහාරාත්මකව ඉදිරිපත් කරන තැනට සමහර මැයි දින රැුලි පත්ව තිබුණි.
මෙදා කොළඹ නගරයේ ප‍්‍රධාන රැුලි 3ක් හා මහනුවර නගරයේ එක් ප‍්‍රධාන රැුලියක් වශයෙන් දැවැන්ත මැයි රැුලි 4ක් දක්නට ලැබුණි. එ් හැම එකක්ම අතිවිශාල සෙනඟක් අදාල ස්ථානවලට රැුස්කර තිබූ දැවැන්ත මැයි රැුලිය. පැය ගනනක් පෙළපාලි පැවැති රැුලිය. ගියවර මෙන්ම මෙවර ද මැයි දිනයේ දක්නට ලැබුණු විශේෂත්වය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නායකත්‍වය දෙනු ලබන දැවැන්ත දේශපාලන බලවේගයක් වූ එක්සත් ජනතා නිදහස් සංධානය දෙකට බෙදී මහනුවර ගැටඹේ හා ගාලූ මුවෙදාර එකිනෙකට පරස්පර වන අයුරින් මැයි රැුලි දෙකක් පැවැත්වීමය.
මෙය කාගේ ගොඩද වැඩි හා අඩු වශයෙන් තර්ක කරනවාට වඩා දෙපිරිසම දැනුවත්ම හෝ නොදැනුවත්ව සිදු කරනු ලබන්නේ ඔවුනට විකල්ප වූ ප‍්‍රධාන දේශපාලන ධාරාව ශක්තිමත් කිරීමකි. රටේ ජනගහනයෙන් හතරෙන් එකක් බස්නාහිර පළාතේ ජීවත්වන විට රටේ ප‍්‍රධාන පක්ෂයක් මැයි දිනයක් කන්ද උඩරට පටු නගරයකට ගෙනයන්නේ ඇයි දැයි කියන්න දන්නේ නැත. සුපුරුදු පරිදි එක්සත් ජාතික පෙරමුණ ඊට අයත් අනෙක් සහෝදර පක්ෂ සමඟින් කැම්බල් පිටියේ දැවැන්ත මැයි රැුලියක් සංවිධානය කර තිබුණි. පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ සවස් භාගයේ රැුලිය අමතන විටද කැම්බල් පිටියට පැමිණි පෙළපාලිය නතර වී නොතිබුණි. එසේම ජනාධිපති මෛතී‍්‍ර නුවර ගැටඹේ මැයි රැුලියේ කතා කරන විටද පෙළපාලි දෙකකින් පැමිණි ජනගෙඟ් අඩුවක් දක්නට නොලැබුණි.
එහෙත් එ්කාබද්ධ විපක්ෂය මෙහෙය වූ ගාලූ මුවෙදාර මැයි රැුලියේ දක්නට ලැබුණේ මීට වඩා වෙනස් තත්ත්වයකි. එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුනට එල්ලකර තිබූ අභියෝගය ජය ගැනීම එ් අයගේ ප‍්‍රධාන ඉලක්කය වූවට සැක නැත. එම අභියෝගයන් නම් ”පුළුවන් නම් ගෝල්ෆේස් පිටිය පුරවල පෙන්න පල්ලා…” යන්නයි.
ගැටඹේ හා කැම්බල් මැයි රැුලි අදාල පිට්ටනි අභිබවා ඔවුනගේ අනුගාමිකයෝ පාරදිගේ පැය ගණන් පෙළපාලි යන විට එ්කාබද්ධ විපක්ෂය ගාලූමුවෙදාර පිටියේ එක ජනතලයක් නිර්මාණය කිරීමට සමත්විය. මේ සඳහා ඔවුන් උපක‍්‍රමයක් පාවිච්චි කල බව පෙනේ. එය සාර්ථක විය. එනම් මැයි පෙළපාලි ගැන එතරම් උනන්දු නොවී ගාලූ මුවෙදාර පිටියට සිය ආධාරකරුවන් හතර අතින් බුරුතු පිටින් කැඳවා ගැනීමය. මෙය දක්ෂ සංවිධායකවරයෙකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ උපක‍්‍රමයක් වූවාට සැක නැත. එම මැයි රැුලියේ සැලසුම්කරුවා ඔහුය. මේ නිසා රාතී‍්‍ර ගෙදර සාලයේ සිට මැයි දිනය නරඹන අයට ගාලූ මුවෙදාර සමස්ත දර්ශන තලය ”ජනතලයක්” ලෙසින් ප‍්‍රදර්ශනාත්මකව නිර්මාණය වූ බව පැහැදිලිය. මේ නිසා එහි සාර්ථකත්වය පිළිගත යුතුය. පසුගිය සමයේ බැසිල් රාජපක්‍ෂට විරුද්ධ වූ වීරවංශලාට මෙදා බැසිල්ලාට ස්තුති ස්තෝත‍්‍ර ගායනා කිරීමට සිදු වී තිබුණේ මේ නිසාය.
මේ රැුලියේ වේදිකාවේ සිට පවිත‍්‍රා වන්නිආරච්චිලා ඔබට සතුටුයිද දැන් කියා අසනවිට ඇත්තෙන්ම අපට සතුටුයි කියා පිළිතුරු දිය යුත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින්ය. එතකොට මැතිවරණයකදී අඩන්න සිදු වී තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයයනටද ? එ්ක නම් කියන්න දන්නේ නැත. කරුණු මෙසේ සිදු වුවද එක්තරා දිනක මැතිවරණයකදී. මේ බලවේග දෙකම එකට එක්වුවහොත් අඩන්නට සිදුවන්නේ කාටදැයි පැහැදිලිය. එදාට ගොල්ෆේස් පිටිය එ්කාබද්ධ විපක්ෂයට ලබාදීම උපක‍්‍රමීය වශයෙන් මෝඩ දේශපාලනයක් වනු ඇත. සතුරාගේ දේශපාලනය ඉවෙන් දැනගැනීමේ අත්දැකීම රට පාලනය කරන අයට තිබිය යුතුය. ඔවුනට එය නොමැති නම් වරද්දාගන්නා තැනද, අවදිය ද නොතේරෙනු ඇත.
මේ මැයි දින රැුලි දෙකෙන් පිළිබිඹු වන අනෙක් යථාර්ථය ජනාධිපති මෛතී‍්‍ර නොසිටින්නට 1915 ජනවාරි 8 වැනිදා යහපාලන ජයග‍්‍රහණයක් යන්න සිහිනයක් පමණක් වනු ඇත යන්නය. තවමත් එහි අපරාජිත ජයග‍්‍රාහකයා මෛතී‍්‍රය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මැයි රැුලියකට උතුරේ දෙමළ ජනයා වැඩිම සංඛ්‍යාවක් සහභාගි වූ වූයේ මෙවර මහනුවර පැවැති රැුලියටය. නැගෙනහිර මුස්ලිම් ජනයාද එසේමය. මේ දෙකම මෛතී‍්‍රනිසාය. මේ නිසා ගැටඹේ රැුලිය ජාතික සමගියේ හා ජාතික සහජීවනයේ රැුලියක් බවට පත්ව තිබුණි. ගාලූ මුවෙදාර පැවැතියේ එහි අනෙක් පැත්තය. එම ජනගඟ ශී‍්‍ර.ල.නි.ප. නොවන සමහරු ජාතිවාදයේ හා ආගම්වාදයේ මඩ වගුරක ගිල්වනු ලැබූහ. ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වෙසක් දිනයක කළු කොඩි එසවීමට යෝජනාකර තිබුණේ මෙහිදීය. එහි සිටි ශී‍්‍ර.ල.නි.ප නායකයනට මේ උපක‍්‍රමය නොතේරුණේ මෛතී‍්‍ර විරෝධය නිසා විය හැකිය.
”එහෙන් ව්‍යවස්ථාව ගේනවා. අනෙක් පැත්තෙන් රනිල් අවබෝධතා ගිවිසුම් ඇතිකරල වරාය තෙල් ටැංකි ඉන්දියාවට බාරදෙන්න සාකච්ඡුා කරනවා. ඉන්දියාවේ අගමැති මෝදි එන්නේ වෙසක් බලන්න නොවෙයි රට පාවා දෙන ගිවිසුමට අත්සන් කිරීමටයි. එදා අපි කළුකොඩිවලින් පුරවල රට පාවා දෙන්න ඉඩ දෙන්නේ නැහැ.” (පා. ම. විමල් වීරවංශ – 2. 05. 2017 මාධ්‍ය*
වෙසක් දින සැමරුමට ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දියානු අගමැතිවරයා කිසිදා ගිවිසුමකට අත්සන් කරන්නේ නැතැයි මම වගකීමක් ඇතිව සඳහන් කරන බව ජනාධිපති මෛතී‍්‍ර රටට ම කීවේ මේ ඊයේ පෙරේදාය. ”ඉන්දියානු අගමැතිතුමා ලංකාවට එන්නේ මගේ ආරාධනයකට එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ කටයුතු ඇරෙන්න එතුමාගේ සංචාරය තුළ වෙනත් කිසිම නිල කටයුත්තක් රාජකාරි කටයුත්තක් කෙරෙන්නේ නැහැ.” (ජනාධිපති මෛතී‍්‍ර 1. 05. 2017 ලංකාදීප* රටේ නායකයා එසේ පවසන විට විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ගාලූමුවෙදාර මැයි රැුලියේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටියදීම එම වේදිකාවේ සිට පවසන්නේ කුමක්ද ? වෙසක් පෝය දින ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ ඉන්දීය අගමැතිවරයාට එරෙහිව කළුකොඩි ඔසවන මෙන්ය. එතකොට මෝදිට එරෙහිව කළු කොඩි එසවීමට වෙන්නේ වෙසක් පෝය දිනයේදී ය. මේ සිංහල බුද්ධාගමේ ආරක්‍ෂකයාට වෙසක් පෝය දිනක වටිනාකම වත් තේරෙන්නේ නැත.
සමහර විට ගාලූමුවෙදාර මැයි රැුලිය සංවිධානය කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂවත් ඊට නායකත්‍වය දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂවත් මෙවන් කතා තම වේදිකාවෙන් බලාපොරොත්තු නොවන්නට ඇත. ඊට හේතුව 2009 යුධ ජයග‍්‍රහණය උදෙසා ඉන්දියාව සහාය වූ ආකාරය මේ ඊයේ පෙරේදා රටට හෙළිකළේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ම ය. එහිදී ඔහු සඳහන් කළේ ඉන්දියාව උදව් කළේ උදව් ඉල්ලා සිටීමටත් පෙර සිටම බවය. වෙනවිදියකින් ඔහු පැවසුවේ ඉන්දියාව පැනලා දුන්නා වාගේ කතාවකි. මහින්දගේ පාලන සමයේත් ඉන්දියාවට ති‍්‍රකුණාමලේ තෙල් ටැංකි බදු දී තිබුණි. එදා විමල්ලා ඊට එරෙහි වූයේ නැත. එහෙත් අද මහින්දගේ වේදිකාවේ සිටම විමල්ලා, ගම්මන්පිලලා ඉන්දියන් විරෝධය, ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් සිටිති. මොවුන් යළි මහින්ද ඇදදමමින් සිටින්නේ ඔහු පරාජය කළ ජාතිවාදී ආගම්වාදී දේශපාලන මඩ ගොහොරුවේම බව පෙනේ. ඔවුහු හිටපු ජනාධිපතිවරයා සෝද සෝද මඬේම දමති.
කොතරම් සෙනඟ ගාලූ මුවෙදාර පැමිණියද මේ දේශපාලනයෙන් නම් මහින්දට ගැලවීමක් නොවන බව ඔහුට අමුතුවෙන් කියාදිය යුතු නැත. අද එතුමාට මේ මැක්කන් සමඟ නැවත නැඟිටීමට සිදු වී තිබීම ඛේදජනකය. මේ නිසා මධ්‍යස්ථ බුද්ධිමත් ශී‍්‍ර ලංකා පාක්ෂිකයින් කල්පනා කළ යුත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය මෛතී‍්‍ර මහින්ද සාධකවල ලඝුකිරීම නොවේ. පක්ෂය ආණ්ඩුරවේ සිටිනවාද නැද්ද කියන කාරනයටත් වඩා මේ ජාතිවාදී මඩ ගොහොරුවෙන් හා මඩකරියන්ගෙන් පක්ෂය බේරාගන්නේ කෙසේද යන දේශපාලන කාරනා ගැනය. පක්‍ෂයට ආවේණික මැදමාවතේ දේශපාලනය තුළ යළි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නඟාසිටුවන්නේ කෙසේද කියලාය. එ් සඳහා මහනුවර ගැටඹේ මැයි රැුලියෙන් ප‍්‍රකාශයට පත් වූ ජාතික සංහිදියා පිළිවෙත හා ගාලූ මුවෙදාර සංවිධාන ශක්තිය එකට එක්විය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.
-වසන්ත පි‍්‍රය රාමනායක-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *