බොරැල්ල පොලිසියේ තවත් කොස්තාපල්ලා 3ක්‌ දැලේ

රුපියල් කෝටි ගණනක්‌ වටිනා අකුණු සන්නායකයක්‌a සහ රුපියල් පන්ලක්‍ෂයකට අධික වටිනාකමෙන් යුත් රන් භාණ්‌ඩ තොගයක්‌ කොල්ලකෑ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් තවත් පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනකු කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ හිටපු රථ වාහන ස්‌ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපතිවරයා මීට පෙර පොලිස්‌ අත්අඩංගුවට ගත් අතර මේ වන විට එම නිලධාරීහු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.
අලෙවි කිරීමට රැගෙන ආ රුපියල් කෝටි ගණනක්‌ වටිනා අකුණු සන්නායකයක්‌ සහ රන් ආභරණ සමඟ මුදල් කොල්ලකෑ බවට මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනාද බොරැල්ල පොලිසියට අනුයුක්‌තව රාජකාරී කළ නිලධාරීන් බව පොලිසිය පවසයි.
සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඒ. ජගත්සිරි මහතාගේ මෙහෙය වීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.