රට වෙනුවෙන් හිමිවන පදක්කම් විකුණන්න බැරි ලෙස නව නීතියක්

රට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගන්නා පදක්කම් විකිණීමට හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන ලෙස නව නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
පසුගියදා සුසන්තිකා ජයසිංහ විසින් තම පදක්කම අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.
යම් ආර්ථික අපහසුතා ඇත්නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොවන බව ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
සුසන්තිකාගේ මෙම ප්‍රකාශය අතිබහුතර ජනතාව දැඩි ලෙස හෙළාදැක තිබුණු අතර ඇයට තරම් මෙරට කිසිඳු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පැවති සහ පවතින රජයන් විසින් සැලකීමක් සිදුකළේ නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.