සයිටම් විරෝධී පා ගමන මර්දනයට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සිට කොටුව දෙසට ගමන් කිරීමට නියමිත පා ගමනක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය සිදු කළ ඉල්ලීමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් මෙම පා ගමන සංවිධානය කර ඇති බවය.
එම පා ගමන සඳහා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත බවද පොලීසිය අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
එවැනි පිරිසක් මහා මාර්ගයේ ගමන් කිරීමට කටයුතු කළහොත් ඉන් මහජන පීඩාවක් සිදුවිය හැකි බැවින් එම පා ගමන තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය ඉල්ලා ඇත.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා කියා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මහජන සාමය කඩවන සිද්ධියක් සිදු වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය. එබැවින් තහනම් නියෝගයක් අනවශ්‍ය බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා පොලීසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.