වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව! හදිසි සහ ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රියාත්මකයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට සිදුකළ පහරදීම හා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීමේ අරමුණින් අද(22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය තිබුණි.
ඒ පිළිබඳව වැඩිදුර තීරණ ගැනීම සඳහා අද දහවල් 12.00ට එම සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වුණු අතර බලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් හා වගකීම් විරහිත ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.
වැඩවර්ජනය අවසන් කිරීමට අදාළ තීන්දු තීරණ ගැනීමේ බලය සංගමයේ විධායක සභාව වෙත පැවරීමට ද එහිදී තීරණය කර තිබේ.
වැඩවර්ජනය ක්‍රියාත්මකවන කාලය තුළ සියලු රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සියලු ඩෙංගු ප්‍රතිකාර කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.
කෙසේවෙතත් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි බව වාර්තාකරුවන් සඳහන් කළේය.
[youtube zV9aQxGqZ9w]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *