ජනපති සහ වෛද්‍ය සංගමය අතර එකඟතාවයෙන් වර්ජනය අවසන්! (Full Video)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.
තුන්වන දිනටත් වෛද්‍ය වර්ජනය අද දින ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වර්ජනය හේතුවෙන් අද දිනය තුළත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.
උද්ඝෝෂණයේ නිරත විශ්විවද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ මෙම වර්ජනය ආරම්භ කළේය.
ළමා රෝහල පිළිකා රෝහල මාතෘ රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවූ අතර බාහිර රෝගී අංශ වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙම වර්ජනය හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව තිබුණි.
[youtube 5BWD9la2lhc]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.