බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය.
එම ආරංචිය ලැබුණු මොහොතේදීම අර්ජුන් මහේන්ද්‍රන් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “විවිධ අයවලුන් විවිධ දේ පවසනවා” (Various people says various things) යනුවෙන් පවසා ඔහු නිහඬ වූ බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
කොමිසම ඊයේ (5දා) සති දෙකක විරාමයකින් පෙරවරු 10ට රැස්වූයේ එහි සභාපති ජ්‍යේෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙනි.
සෙසු කොමසාරිස්වරුන් දෙදෙනා වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ යන මහත්වරුන්ගෙන් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය සමන්විත විය. චූදිත හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ඔහු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එසේ පැවැසීය.
හත්වැනි පාර්ලිමේන්තුව විසින් ප්‍රශ්න ගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද රාජ්‍ය ආයතන පිළිබඳ ගිණුම්කරණ සභාව (COPE) තුළ වූ සාමාජිකයන් 13 දෙනාගෙන් කෙනකු ලෙස තමා කටයුතු කළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
“වත්කම් අනුපාතයට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළින් රජයට මූල්‍ය අවාසියක් වේ යන ප්‍රකාශය කෝප් කමිටු වාර්තාවේ ඇතුළත්ව තිබූ බවත් එම කමිටු වාර්තාවට අස්සන් තැබීමේදී තමා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් අස්සන් කරද්දී “පාද සටහනක්” තැබුවේ එම ප්‍රකාශය තමන්ට පිළිගත නොහැකිය යන්න ප්‍රකාශ කිරීමට බවත් ඔහු කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.