ඇමති රවී වැඩ පෙන්වයි; ලොතරැයි මණ්ඩලයේ ඉලක්කය පන්නයි

හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක ගත වර්ධනයට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් ගත වූ සීමාව තුළ පෙන්නුම් කර ඇත.
සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා මේ වන විට 4%ක් ඉදිරියෙන් සිටින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය අවුරුද්ද අවසානයේ 12% ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තිබියදීත් එහි ආදායම ගියේ මහා භාණ්ඩාගාරයට නොවන බවත් 50% බැගින් ජනාධිපති අරමුදලට සහ මහපොළ ශිෂ්‍යත්වයට බවද රොමේෂ් ජයවර්ධන මහතා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.