පී. හැරිසන් ජනතා මුදල් අවභාවිතා කළ බවට FCIDයට පැමිණිල්ලක්

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් රුපියල් දසලක්ෂ පනස නවදහස් දෙසිය හැත්තෑ ලහයි ශත පනහක (රු. 1,059,275.50) මුදලක් අවභාවිතා කර ඇති බව එම පැමිනිල්ලේ සඳහන් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.