සයිටම් වෙනුවෙන් කඩේ යන ආණ්ඩුවේ නින්දිත ප්‍රහාරයට එරෙහිව දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක්

විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඊයේ(21) දිනයේ දී විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයට එල්ල වු පහර දීමට හා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුවට රජයට විසින් කඩිනමින් ක‍්‍රියාමාර්ගයක් ගැනිමට බලකරමින් මෙම වැඩවර්ජනය පවත්වන බව එම සංගමය නිවේදනය කරයි.
කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය ඩෙංගු වාට්ටුවල, ගැබිණි හා ළමා රෝහල් සදහා ක‍්‍රියාත්මක නොකරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.