අද කොළඹ උද්ඝෝෂණ වලට අධිකරණය නියෝගයක්!

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව හා විපක්ෂව අද (27) පැවැත්වීමට නියමිතව පැවති උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ ව්‍යාපාර 3ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට පොලීසිය විසින් අධිකරණයට ගොනු කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.
සයිටම් ආයතනයට පක්ෂව හා විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශය තුළ උද්ඝෝෂණ 3ක් සැලසුම් කර ඇති බවත්, එයින් මහජන සාමය කඩවිය හැකි බවට බුද්ධි අංශ වාර්තා ලැබී ඇති බවත් පෙන්වා දෙමින් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලීසිය, මේ හේතුව නිසා මෙම උද්ඝෝෂණ ව්‍යාපාර වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.