අමාත්‍යාංශය තුළ සිසුන් සිරකර පහර දුන් බවට රජයට චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
මෙම ප්‍රහාරය ඉතාම දේවේෂ සහගතව සිදු කරනු ලැබු ක්‍රියාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසි විටෙකත් දේපළවලට සිදු වු හානිය මුල් කර ගනිමින් මෙහි වගකීම් පැහැර හැරිය නොහැකි බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රහාරයට හා සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින ආරම්භ කළ දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දීර්ඝ කිරීමටද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.