සුසන්තිකාට මසකට හැටදහසක්‌ ගෙවනවා; ඔය හදන්නේ ඕස්ට්‍රේලියා යන්න – ක්‍රීඩා ඇමති

සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.
සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක්‌ හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක්‌ ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.
එයා ඔය ඔලිම්පික්‌ පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක්‌ බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවට යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්‌. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.