එජාප පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්! පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් හදිසියේම අගමැති හමුවෙයි..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 දෙනෙකු හදිසියේ එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙහිදී එම මන්ත්‍රීවරුන් ජනපදනමක් නොමැති ජාතික ලැයිස්තුවෙන් පත්කරන ලද ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයට සිදුව ඇති අගතිය සහ ජනපදනමට සිදුව ඇති හානිය පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත.
පසුගිය කාලසීමාව තුළ ජනපදනමක් ඇති ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් පක්ෂයේ ප්‍රගමනය වෙනුවෙන් අතිවිශාල වැඩ කොටසක් සහ දායකත්වයක් ලැබුණු බවත්, ජනපදනමක් නොමැති ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් පක්ෂයේ දේශපාලන නියෝජිතයින්ට සහ පාක්ෂිකයින්ට පක්ෂය එපා වී ඇති බවත් මෙම තරුණ මන්ත්‍රීවරුන් පක්ෂ නායකයාට පෙන්වා දී ඇත.
බහුතරය බලයෙන් ආණ්ඩු බලය ලබාගත් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය වටා පාක්ෂිකයින් යළි රොඳ බැදගත් අයුරුත්, මහපොළවේ දේශපාලනයත්, මිනිසුන් දහඩිය සුවඳ නොහඳුනන අය ප්‍රබල ඇමති පදවි ගෙන සිදුකරන විනාශය හමුවේ තමන්ට ජනතාව හමුවට යෑමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසා ඇත.
මේ හේතුවෙන් මේ වන විට යළි මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය ගම් මට්ටමින් බලවත් වෙමින් පවතින බවත් එජාප නායකයා හමුවේ මෙම පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දී ඇත.
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මේ වන විට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එකිනෙකා අගමැති සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් පක්ෂයට අත්වෙමින් යන මෙම අභ්‍යාගසම්පන්න ඉරණම ගැන කරුණු කියමින් සිටින බවට වාර්තාවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *