අලුත්ගමගේ නඩුව-අගෝස්තු 23 හෝ ඊට පෙර ලිඛිත දේශණා ගොනු කිරිමට නියෝග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ රුපියල් ලක්ෂ 39ක මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පා.ම මහින්දානන්ද අළුත්ගමගේ මහතාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නීතිපතිතුමා විසින් ගොනුකර ඇති නඩුව අද නැවත කැදවනු ලැබීය.
අදට නියමිතව තිබුණේ අධිචෝදනා ගොනු කිරීමේ දී අධිකරණ බල ප්‍රදේශ සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ විරෝධතා පිළිබඳව දේශන ලිඛිතව ඉදිරිපත් කිරීමයි.
අද දින පැමිණිලි පාර්ශවයෙන් ලිඛිත දේශනා ඉදිරිපත් කළ අතර විත්ති පාර්ශවයෙන් ලිඛිත දේශනා අද ඉදිරිපත් කළේ නැත.
ඒ අනූව, අගෝස්තු 23 හෝ ඊට පෙර විතිත්යේ දේශන ලිඛිතව ගොනු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් නියෝග කළ අතර එම විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබා දීම සඳහා සැප්තැම්බර් 15 නඩුව නැවත කැදවීමට ද නියෝග කෙරුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.