ඇප ප්‍රතික්ෂේප වී කපිතාන් තිස්ස නැවත ඇතුලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියදුරෙකු වන කපිතාන් තිස්ස විමලසේන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඔහු සමග පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නියෝග කෙරුනි.
සැකකරුවන් ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණද මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ඇප ලබාදීමට තරම් වන කරුණු ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින්ය. මෙම සැකකරුවන්ට නඩු පවරා ඇත්තේ පොදු දේපොළ පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේයි.
නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන සැකකරු වන පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා සිය නීතිඥයන් මගින් සඳහන් කළේ මහේස්ත්‍රාත් ඉදිරියේ තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවයි.
අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් අනූ ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව පවසමින් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.