ඔලිම්පික් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හෙට ජනපති සම්මානයෙන් පිදුම් ලබති


එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා අතින් හෙට (24) ජනාධිපති මන්දිරයේදී සම්මානයෙන් පිදුම්
ලබන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් මෙම ක්‍රීඩක
ක්‍රීඩිකාවන් සම්මානයෙන් පිදුම් ලබන අතර ඔලිම්පික් තරගාවලි
ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කීඩක ක්‍රීඩිකාවන් අතර 67
දෙනෙකු දැනට ජීවතුන් අතර සිටිති. ඔවුන්ගෙන් දැනට 23 දෙනෙකු
විදේශගතව ජීවත් වෙති.
2017 වසරේ පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට
සමගාමීව ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකීය ක්‍රීඩක
ක්‍රීඩිකාවන් ඇගයීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු
ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව මාතර
පැවැත්වෙන 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර
මට්ටමේ ක්‍රීඩා උළෙලක් හා විවිධ නවාංග රාශියක් එක්කල ක්‍රීඩා
සංදර්ශණයක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
එමෙන්ම ජාතික ක්‍රීඩා කෞතුකාගාරය විවෘත කිරීම, ක්‍රීඩා
අමාත්‍යාංශයේ වසර 50 ක ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථයක්
ප්‍රකාශයට පත් කිරීම, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ට, අමාත්‍යාංශ
ලේකම්වරුන්ට, අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට හා නිළධාරීන්ට උපහාර
පිඳීමද සිදු කෙරෙනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.