ජනපති- මහසඟරුවන, නවව්‍යවස්ථාව පිලිබඳ ධනාත්මක එකඟතාවයක


රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්තිවලට හානි වන ආකාරයේ ව්‍යවස්‌ථාවක්‌ රජය කිසි විටෙකත් ගෙන නොඑන බව ද සඳහන් කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැඳුරේදී ෙත්‍රෙනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක්‌ සාකච්ඡාවක නිරත විය.
මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන, රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි යන මහනායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නයත්, අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‌ෂ, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර නිලුකා ඒකනායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්ම මහන්මීහු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
ව්‍යවස්‌ථා කෙටුම්පත සකස්‌ කළ පසු එය කඩිමුඩියේ සම්මත කිරීමේ කිසිදු අවශ්‍යතාවක්‌ රජයට නොමැති බව සංඝරත්නය හමුවේ ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා එහි අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස්‌, යෝජනා, විවේචන ඉදිරිපත් කිරීමට සැමට අවකාශ ලබාදෙන බවත් මෙහිදී ජනපතිවරයා මහ සංඝරත්නයට දැනුම්දී ඇත.
ත්‍රෛනිකායික මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය එකඟතාවකට පැමිණ සකස්‌ කළ ලියවිල්ලක්‌ යෝජනා මාලාවක්‌ ලෙස ජනපතිවරයාට මෙහිදී භාරදී තිබේ.
නව ව්‍යවස්‌ථාවක්‌ මේ මොහොතේ රටට අනවශ්‍ය බවත් අවශ්‍ය නම් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්‌ කිරීම වරදක්‌ නොමැති බවත් ඇතුළු කරුණු ගණනාවක්‌ අඩංගු ලියවිල්ලක්‌ ජනපතිවරයාට භාරදුන් බවත් එයට ජනපතිවරයාගේ ප්‍රතිචාරය ඉතා යහපත් එකක්‌ වූ බවත් අස්‌ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමියෝ කීහ.
සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති කරුණු සම්බන්ධයෙන් ජනපතිතුමන්ට ක්‌ෂණික විසඳුම් ලබාදිය නොහැකි නමුත් එම කරුණු පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමුකරන බවට සංඝරත්නය හමුවේ පොරොන්දු වූ බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.