ඩෙංගු මාරයාට බිලි වූ ගණන 310 ක් දක්වා ඉහළට

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබේ
සතියක් තුළදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9,635 කින් ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛන අනුව පසුගිය සෙනසුරාදා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දැක්වුණේ එක් ලක්ෂ එක් දහස් හයසිය අනූ අටක් ලෙසිනි.
එම සංඛ්‍යාව අද වනවිට එක් ලක්ෂ එකොලොස් දහස් තුන්සිය තිස් තුන දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 23,574 කි.
කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,688 ක් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,576 කි.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ඩෙංගු රෝගී 6,622 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ අතර කළුතර, මහනුවර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, ත්‍රීකුණාමලය වැනි දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වාර්තා වී ඇති බව ය.
නියඟය පැවැති ප්‍රදේශවලින් පවා ඩෙංගු රෝගීන් වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.
අගෝස්තු මස 4 සහ 5 යන දිනයන්හිදී විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා ය.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඩෙංගු රෝගය හේතුවෙන් රෝහල් ගතවන රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *