තාවකාලිකව වර්ජනය නවතී ඛණිජතෙල් අත්‍යවශ්‍ය සේවා නැවතත්

අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තුරු අද සවස 6.30 වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකඟ වී තිබේ.
එමෙන්ම කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා යුද හමුදා මැදිහත්වීමෙන් මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
මේ අතර මීට ස්වල්ප මොහොතකට පෙර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
ඒ හේතුවෙන් කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර තාවකාලිකව මාර්ගය වසා දමා තිබුණු බව වාර්තා වේ.
වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් දුම්රිය මාර්ගය හරස් කරමින් ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.