බෑන්ක් ඔෆ් චයිනා දකුණු ආසියානු පළමු ශාඛාව කොළඹදී

බෑන්ක් ඔෆ් චයිනා (Bank of China) මේ වසරේ ශ්‍රී ලංකාවේදී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානමින් සිටි.
චීන රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන් චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව මෙය වනු ඇත.
මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරින් අතර පවතින් සාකච්චා මේ වනවිට අවසන් අදියරේ පවතින බව වාර්තා වේ.
දොලර් මිලියන 90 ක මූල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මූල්‍ය ගණුදෙනු සඳහා පහසුවක් වනු ඇති බව චීන තානපති කාර්‍යාලය සඳහන් කරයි.
චීනය එකම තීරයක්- එකම මාවතක් (One Belt- One Road) සංකල්පය යටතේ ඉන්දියානු සාගර තුළ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙයැහි එක් පියවරකි.
1912 වසරේදී ආරම්භ කර ඇති බෑන්ක් ඔෆ් චයිනාහි මූලස්ථානය චීනයේ බෙයිජිං නගරයේ පිහිටා ඇති අතර එහිශාඛා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිත්‍යාන්‍යය, දකුණු අප්‍රිකාව, කෙන්යාව , ජපානය , පාකිස්ථානය, මැලේසියාව හා සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ස්ථාපිත කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.