ශ්‍රී ලංකාවේ සාර්ථකව සිදුකල ප්‍රථම හදවත් බද්ධ සැත්කම

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා.
පසුගිය 7 වෙනිදා රාත්‍රී ආරම්භ කල හදවත් සැත්කම පැය අටක කාලයක් සිදුකර ඇති අතර මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් සහභාගී වී ඇත.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කලේ අනුරාධපුරයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇති බවයි.
ඇයගේ හදවත සියයට 12ක් පමණ අකර්මණ්‍ය වී තිබූ බවත් මොළය මිය ගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
එමෙන්ම තරුණයාගේ වකුගඩු දෙකද තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබෙනවා.
හදවත් බද්ධයට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධය සිදු කළ රෝගීන් දෙදෙනා මේ වනවිට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා.
ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛදරුවරුන් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින බවත් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *