වැඩ තහනමට ලක්වූ බැංකු අධ්‍යක්ෂක අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳම සහචරයෙක්!

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා එම තනතුර දැරූ අවදියේ තමාට ඔහු සමඟ ඇසුරක්‌ තිබූ බවත්, 2015 පෙබරවාරි 27 දා පැවැත්වූ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසුව ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මහ බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සමඟ ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකු හමුවීමට ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක අධ්‍යක්‍ෂවරයකු වන සමන් කුමාර මහතා ඊයේ (12 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.
එසේ ආණ්‌ඩුවේ ඇමැතිවරයකු හමුවීමට ගියේ හිටපු අධිපතිවරයා තමාගෙන් කළ පුද්ගලික ඉල්ලීමකට අනුව බවද ඔහු කොමිසමට කීවේය.
දැනට වැඩ තහනමට ලක්‌ව සිටින සමන් කුමාර මහතා ඊයේ හදිසියේම කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා තිබුණි.
කොමිසම හමුවේ සාක්‍ෂි මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක අතිරේක සොලිස්‌ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සමන් කුමාර මහතාගෙන් ප්‍රශ්න කළ අතර දැනට ඔහු සතුව සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇති වත්කම්, ඉඩකඩම්, දේපළ, තෙල් බව්සර් ඇතුළු වාහන, ඔහුගේ මැණික්‌ ව්‍යාපාර ඇතුළු අනෙකුත් ව්‍යාපාර, බැංකු ගිණුම්, නිවාස, දුරකථන සහ ආයෝජන පිළිබඳ විස්‌තර රැසක්‌ ඊයේ කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ සමන් කුමාර මහතා කොමිසමට හෙළි කළේය.
ඔහුගේ සාක්‍ෂිවලට සවන් දීමෙන් පසු ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර සහ ඔහු භාවිත කළ දුරකථනය කොමිසමේ විමර්ශන නිලධාරීන්ට භාරදෙන ලෙස කොමිසමේ විනිසුරුවරු සාක්‍ෂිකරුට දැනුම් දුන්නේය. සත්‍ය ප්‍රකාශ නොකළහොත් දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් හිමිවනු ඇති බවද කොමිසමේ විනිසුරුවරු ඔහුට සිහිපත් කළහ. සාක්‍ෂි දීමෙන් පසු ඔහු කොමිසමේ විමර්ශන අංශයට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පොලිස්‌ ආරක්‍ෂාව යටතේ කැඳවාගෙන යනු ලැබීය.
-උපුටනය-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.