ඇමති රාජිතගේ වියරුව හමුවේ රටම අස්ථාවර වන ලකුණු!

සයිටම් ප්‍රශ්නය සාමකාමීව විසඳනු වෙනුවට සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උද්දච්ච වියරුව හේතුවෙන් රජය සහ රට අස්ථාවර වීමේ අවදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
රජයේ කිසිඳු නිල ස්ථාවරයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ නොකරමින් වියරුවෙන් කට මැත දොඩවමින් සයිටම් ප්‍රශ්නය අවුල් ජාලාවක් කොට ඉන් තම ඉලක්කගත ජාවාරම් ඉටුකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උත්සහගන්නා බවට මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. රාජිත සේනාරත්නගේ මෙම කුජීත ක්‍රියාකලාපය හේතුවෙන් සයිටම් ගැටලුව විසඳනවා වෙනුවට එය රටටත් ජනතාවටත් ආණ්ඩුවටත් පිළිලයක් කරමින් වවාගෙන කෑමේ නිර්ලැජ්ජිත උත්සහයක නිරතවන බව පැහැදිලිය.
ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශවයන් මෙම සයිටම් ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා දිගින් දිගටම උත්සහ දරද්දී, ඇමති රාජිත සහ සහචරයින් විසින් එය දිගින් දිගටම කඩාකප්පල් කළ බව නොරහසකි.
පැවති මහින්ද රාජපක්ෂ පාලනය තුළ ධීවර ඇමතිව සිට එම රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය පිටුපසද තම අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් දත් දොස්තර රාජිත සේනාරත්න සිටි බවට චෝදනා එල්ල වන අතර එම නිසා සයිටම් ප්‍රශ්නය හමුවේ ආණ්ඩුවත්, රටත් අස්ථාවර වීමේ සහ අරාජික වීමේ වගකීම කුප්‍රකට රාජිත විසින් දැරිය යුතු බව දේශපාලන විචාරකයෝ පවසති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.