ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට ගෙන බන්ධනාගාරය වෙත

යාපනය ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා අනුරාධපුර බන්ධානාගාරය වෙත රැගෙනවිත් තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ ඊයේ (16) පස්වරුව වන විට ඔහු අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබූ බවය.
විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට පළායාමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මෙම මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර ඊයේ(16) අළුයම ලලිත් ජයසිංහ මහතා කයිට්ස් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන යමින් තිබූ වෑන් රථය අනතුරකට ලක් වී ඇති බව ද වාර්තා විය.
අදාළ අනතුරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුළු තුවාල ලබා ඇති බව වාර්තා විය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.