හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.2කට චීනයට බදු දෙයි…

හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගම අතර පසුගිය සෙනසුරාදා (29) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්. සී. ජයම්පති යන මහත්වරු ශ්‍රී ලංකාව වෙනුවෙන් ද චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය බායි ජිංග්තාඕ මහතා චීන රජය වෙනුවෙන් ද මෙම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී අත්සන් තැබූහ.
අනූනව අවුරුදු බදු ගිවිසුමක්‌ යටතේ හම්බන්තොට වරායේ සහ සාගර ආශ්‍රිත කටයුතු සඳහා ඉහත චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන එකකුත් මිලියන එකසිය විස්‌සක මුදලක්‌ ආයෝජනය කරනු ඇත. ගිවිසුමට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 42 ක්‌ ද චීන සමාගමට සියයට 58 ක්‌ ද අයිතිය පැවරේ.
හම්බන්තොට වරායේ සීමාව හෙක්‌ටයාර 1534 ක්‌ ලෙස සටහන්ව ඇති අතර හෙක්‌ටයාර 171 ක්‌ ඉහත සමාගම් වෙත බදු දීමට කටයුතු කෙරේ.
හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර යන මහත්වරු ද ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම යන මහත්වරු ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ද සහභාගි වූහ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.