ඇමති රවී බැඳුම්කර කොමිසමට එන දවසට කරුණු කියයි

හිටපු මුදල් අමාත්‍ය මෙන්ම වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට අද(26) දිනයේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශන හා පරීක්ෂණ සිදු කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි. අද(26) දිනයේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාට ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙස බැඳුම්කර කොමිසම මඟින් සිතාසි යවා තිබුණද අද දිනයේ ඒ මහතාට කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව ඒ මහතාගේ නීතීඥයින් මාර්ගයෙන් දන්වා තිබේ.
අද දිනයේ ආරක්ෂක කවුන්සිලයේ ඇති වැඩසටහනක් හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටිය නොහැකි බවත්, හෙට සහ අනිද්දා දිනයේ පාර්ලිමේන්තු හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටිය නොහැකි බවත්, සඳුදා දිනයේ මාලදිවයින් සංචාරයක් සඳහා සහභාගීවීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනීසිටිය නොහැකි බවත් ඒ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ඒ මහතාට නැවත කොමිසම හමුවේ පෙනී සිටිය හැක්කේ ලබන බදාදා දිනයේ බවත් ඒ මහතා දැනුම් දී ඇති බව සඳහන්ය.
එහෙත් කැබිනට් රැස්වීමට සහභාගි වීම හේතුවෙන් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඔහු නීතීඥවරයෙකු මාර්ගයෙන් කොමිසමට දැනුම් දී ඇති බව සඳහන්ය.
මීට ඉහතදී රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතාට ‘අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාව’ට පරීක්ෂණ සඳහා පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණද ඔහු එකඳු වතාවක් වත් ඒ සඳහා පැමිණි බවට වාර්තා නොවිණ. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිසිඳු නිදහසට කරුණු දැක්වීමක් වත් සිදුකර නොතිබූ අතර එම කොමිසම පසුගියදා අහෝසි වී ගියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.