ඉපැරණි මිතුදමක නොමැකුණ මතකය.. (Photos)

අද(19) පෙරවරුවේ පානදුර නගර සභා ක්‍රිඩාංගණයේ පැවති “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමුළුව අවසන්ව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පා ගමනින් ජනතාව අතරින් ඉදිරියට ඇදුණේය.
ජනාධිපතිතුමා හමුවට පැමිණියේ පැසුණු හිසින් යුත් අමුත්තෙකි.
දිගු අතීතයක සිට පැවත එන ගැඹුරු මිතුදමක මතක ගොන්නක් ද රැගෙන පැමිණි ඔහු විශ්‍රාමික ගුරුවරයෙකු වූ ද ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවකයෙකු ද වූ පානදුර මාලමුල්ලේ ජීී.ජයසේන පිරිස් මහතාය.
60 දශකයේ ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබ පොළොන්නරුව ඇතුමල්පිිටිය පාසලේ සේවයට ගොස් සිටි අවධියේ ජයසේන මහතාගේ සමීපතම මිතුරාව සිටියේ එවක පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙකුව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔවුන් අතර මිතුදම කොතෙක් ගැඹුරු වි ද යත් ජයසේන මහතාගේ විවාහයේ දෙවෙන මනාලයා ලෙස එක්වුයේ ද මේ උසස් පෙළ සිසුවාය. තම දුෂ්කර ගුරු සේවයේ වෙහෙස පවස නිවා ගන්නට නොනිම් සිසිලක් වු තම ගම්බද සගයා අද රටේ ජනාධිපති ධූරය හෙබවූව ද ඔහු ඉදිරියේ ජයසේන පීරිස් මහතාට අදත් දැනුණේ ඒ අතීත ලෙංගතුකමමය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.