විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව තර කරන්න ජනපතිගෙන් උපදෙස්

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ඉලක්‌ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ සියලු විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස්‌ දී ඇත.
එසේම නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළාදැක ඇති ජනාධිපතිවරයා එම ප්‍රහාරයේදී ජීවිතක්‍ෂයට පත් වූ පොලිස්‌ සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙනුවෙන් සිය බලවත් කනගාටුව පළකරයි.
එමෙන්ම විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්‌ වහාම සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා පොලිස්‌පති ඇතුළු ආරක්‍ෂක අංශවලට උපදෙස්‌ දී ඇත.
පොලිස්‌ සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥතීන් වෙත සිය බලවත් කනගාටුව පළකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම රාජකාරිය නිසි ලෙස ඉටුකරන මෙවන් නිලධාරීන් සමස්‌ත රාජ්‍ය සේවයටත්, පොලිස්‌ දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක්‌ බව ද සඳහන් කළේය.
සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරියාට ද ජනාධිපතිවරයා ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.