අමාත්‍ය රවී කරුණානායකගේ මූලිකත්වයෙන් රටේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහභාගී වි ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල විශේෂඥ දැනුම සහ අත්දැකීම් වෙනත් රටවල් සමඟ හුවමාරු කරගැනීම හා ආරක්ෂක අංශයේ විදේශ පුහුණුවීම් විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදි සාකච්ඡා වී තිබේ.
එමෙන්ම උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී ආරක්ෂක අංශයේ දායකත්වය කෙසේ විය යුතු ද යන්න මෙහිදි අවධානයට යොමු වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැරදි ප්‍රතිරූපයක් ඇත්නම් එය නිවැරදි කළ යුත්තේ කුමන ආකාරයට ද යන්න එම සාකච්ඡාවේ දී අවධානය යොමුවී ඇත.
ආරක්ෂක අංශවල ගෞරවය, සුරක්ෂිතතාවය, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ද එහිදි අවධානය යොමු වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සඳහා ආරක්ෂක අංශවල වගකීම සහ දායකත්වය මෙන්ම එය ශක්තිමත් කිරීම හා ඒ සඳහා බාධක ඇත්නම් ඒවා හඳුනාගැනීම පිළිබඳව ද අදාළ සාකච්ඡාවේ දී අවධානයට යොමුව තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.