වාහන ආනයනය එකවරම පහත වැටෙයි

මාසිකව මෙරටට ආනයනය කරන වාහන සංඛ්‍යාව පසුගිය ජුනි මාසයේ විශාල වශයෙන් අඩුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ත්‍රීරෝද රථ හා යතුරුපැදි හැර වෙනත් වාහන 39000ත් 40000ත් අතර ප්‍රමාණයක් මසකට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන අතර එය පසුගිය මාසයේදී 13000කින් පමණ අඩු වී තිබෙන බවයි.
ආනයනික වාහන සඳහා ඉහළ බදු ප්‍රතිශතක් පැවැතීම මෙන්ම රුපියලේ අගය අඩුවීම ද ඊට මූලිකව හේතු වී ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ.
එම හේතුවලට අමතරව පසුගිය කාලයේ ඇති වූ තවත් ආර්ථික දුෂ්කරතා ගණනාවක් ද වාහන අලෙවියට බලපා ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *