විද්‍යා ඝාතන නඩුව විභාග කරන විනිසුරුගේ ආරක්ෂකයා මරා දැමූ සිද්ධිය වෙනතකට!

සමූහ දූෂණයට ලක්‌කර ඝාතනය කෙරුණු යාපනයේ විද්‍යා සිසුවියගේ නඩු විභාගයේ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්චෙලියන් මහතා ගමන් කළ රථයට ආරක්‍ෂාව සපයමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය පොලිස්‌ සැරයන්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (23 දා) වන විට සැකකරුවන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා (24 දා) සවස 5.30 ට පමණ වෙඩි වැදී රෝහල්ගත කිරීමෙන් පසු මෙසේ මියගොස්‌ ඇත්තේ ප්‍රේමචන්ද්‍ර නමැති 57 හැවිරිදි පොලිස්‌ සැරයන්වරයෙකි.
මියගිය පොලිස්‌ සැරයන්වරයා පෙරේදා මහාධිකරණ විනිසුරුවරයාට ආරක්‍ෂාව සපයමින් අධිකරණයට ගොස්‌ නැවත සවස 5.30 ට පමණ විනිසුරුවරයාගේ මෝටර් රථයට ආරක්‍ෂාව සපයමින් යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම ඉරණමට ගොදුරු වී ඇත.
මියගිය පොලිස්‌ සැරයන්ගේ බිරිඳට වැඳ විනිසුරු වැළපෙයි
යාපනයේදී වෙඩි වැදී මියගිය සැරයන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන ස්‌ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලන්ෙච්ලියන් මහතා ඔහුගේ බිරිඳට වැඳ හඬා වැළපුණේය.
මියගිය සැරයන්වරයාගේ බිරිඳ ඊයේ (23 දා) උදෑසන පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු වූ ස්‌ථානයට පැමිණි අතර එම අවස්‌ථාවේදී මහාධිකරණ විනිසුරුවරයා එසේ සංවේදී විය.
මහාධිකරණ විනිසුරුවරයා මියගිය පොලිස්‌ සැරයන්වරයාගේ දේහය අසලට පැමිණීමට පෙර මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස්‌ කොස්‌තාපල්වරයා හමුවීමට ද ගිය අතර එහිදී එම පොලිස්‌ නිලධාරියා වැළඳ ගනිමින් හඬා වැළපුණේය.
පොලිස්‌ සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදීමෙන් අභ්‍යන්තර රුධිර වහනය සිදුවීම නිසා මරණය සිදුවී ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.
මේ ගැන පොලිසිය කියන කතාව
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, මෙම සිදුවීමත් විද්‍යා ඝාතන නඩුවත් අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි. පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන් බහින් බස්වීමක සිටි බීමත් පිරිසක් සහ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරියා අතර ගැටුමක් හේතුවෙන් මෙය සිදු වූ බව ඔහු පවසයි.
[youtube wpgsITGhlXo]

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.