උතුරු කොරියා- ඇමරිකා යුධ ගිනි අවධානම හමුවේ ද.කොරියාවේ ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම වහාම- කොරියාවේ ලංකා තානාපති

උතුරු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උත්සන්න වෙමින් පවතින මත ගැටුම් හේතුවෙන් කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ඉවත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
ඒ සඳහා මේ වනවිටත් සැලසුම් සකස්කර තිබෙන අතර නිල සංඛ්‍යා ලේඛනවලට අනුව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගණන තිස් දහසකට වැඩිවන බවද ඔවුන් ජීවත් වන ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යනය කොට සිය සැලසුම් සකස්කර තිබෙන බවද එම තානාපති කාර්යාලය කියයි. මේ අතර උතුරු කොරියාව සහ අමෙරිකාව අතර උත්සන්න වෙමින් තිබෙන මත ගැටුම් පිළිබඳ ලොව සෙසු රටවල් බොහෝමයක් ද දැඩි විමසිල්ලෙන් පසුවන අතර මත ගැටුම්වලට සාමකාමී විසඳුමක් අත්‍යවශ්‍ය බවට ලෝක නායකයන් ප්‍රකාශකර තිබේ.
මේ මත ගැටුම් සමනය කිරීම සඳහා චීන – රුසියානු ඒකාබද්ධ මැදිහත්වීමක් සිදුකිරීමට අවධානය යොමුව තිබෙන අතර උතුරු කොරියාව සහ අමෙරිකාව අතර උත්සන්න වෙමින් තිබෙන මත ගැටුම්වලට හමුදාමය විසඳුමක් නොමැති බව ජර්මනිය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් සේවය කරන ප්‍රදේශ පිළිබඳ අධ්‍යයනයක් කොට මීට මාස 06 ට පමණ පෙර අදාළ සැලැස්ම සැකසීමට පියවර ගත් බවද ඒ හා සම්බන්ධ වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යන ආයතනවලට භාර දී ඇති බවද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මනීෂා ගුණතිලක මහත්මිය පෙන්වා දෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.