කරදියාන අපද්‍රව්‍ය කලමනාකරණ ව්‍යාපෘතියට ජනපති අතින් අද මුල්ගල තැබේ

බටහිර කොළඹ කරදියාන කසළ අංගණයේ කසළින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය අද (17) උදෑසන 6.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. කරදියානට බැහැර කෙරෙන කසළ මගින් විදුලි ජනනය හා කාබනික පොහොර නිපදවීම සිදු කෙරෙන අතර මෙසේ නිපදවෙන පොහොර තේ ඇතුලු දිගු කාලින භෝග වගාව සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.
ඕනෑම වගාවකට සුදුසු මේ පොහොර යෙදීමෙන් පරිසර හිතකාමීත්වය ආරක්ෂාවන අතර පොහොර වෙනුවෙන් විදේශයට ඇදි යන මුදල් ද මින් ඉදිරියට ඉතිරිකර ගැනීමට හැකිවන බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කරයි. මේ අනුව කසළ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලියේ පළමු යන්ත්‍රය අද ජනාධිපති ප්‍රදානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන බවත් කසළ දුගඳ නැති කිරීමේ කටයුතු ද එහිදී සිදුකර කෙරෙන අතර මින් ඉදිරියට කරදියාන කසළ සහිත ප්‍රදේශය ජනතාවට හිතකර සනීපාරක්ෂාව සහිත, කලකට පෙර පැවති පරිසර ආරක්ෂණ කලාපයක තත්ත්යට පත්කරන බවත් දේවප්‍රිය මහතා අවධාරණය කරයි.
කරදියාන ව්‍යාපෘති භූමිය අක්කර 37ක ප්‍රමාණයකින් යුතු වේ. අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමේ ස්ථානයක් බවට පත්ව තිබුණු මේ ස්ථානය 2010 දි පළාත් සභා අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය වෙත පවරාගන්නා ලදී. ඒ අනුව මිලියනකට අධික අවට පළාත් පාලන ආයතනවල පදිංචිරුවන්ගේ කසළ බැහැර කිරීමේ ස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වගෙන යන ලදී.
මේ වන විට දෛනිකව මෙට්‍රික් ටොන් 50ක ධාරිතාවයකින් යුතු කොම්පෝස්ට් අංගනයක් මෙහි ක්‍රියාත්මක අතර සැප්තැම්බර් මස වන විට දෛනික ධාරිතාවය මෙට්‍රික් ටොන් 25ක් වන ජයිකා ආධාර යටතේ ලැබෙන තවත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් අදාල ආයතන ගිවිසුම්ගතව ඇති අතර මේ ව්‍යාපෘතිය සමස්ථ ධාරිතාවය දිනකට නාගරික ඝණ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 500ක් වන අරතත මෙට්‍රික් ටොන් 115ක් ජීව වායු නිස්පාදනය සඳහා ද ඉතිරිය දහනය සඳහා ද යොදා ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පාරිසරික අනුමැතීන්වලට අනුව සිදු කරනු ලබන අතර ඒ සම්බන්ධයෙන් පසු විපරමක් ද මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කරයි. මේ ව්‍යාපෘතිය මගින් දිනකට කසළ මෙට්‍රික් ටොන් 500ක් අපහරණය කළ හැකි අතර මෙගා වොට් 10ක විදුලිය නිෂ්පාදනය කිරීමට හැකි වෙයි. වර්ෂයකදී දියර පොහොර ටොන් 45000ක් සඳහා කොම්පෝස්ට් පොහොර ටොන් 7500ක් ලබාගත හැකි බව ඉසුර දේවප්‍රිය මහතා පෙන්වා දෙයි.
මේ සමස්ථ කාර්යය සඳහා රුපියල් බිලියන හතක මුදල් ආයෝජනය කිරිමට නියමිත අතර මේ සඳහා තාක්ෂණ්‍යඩෙන්මාර්ක් හා නෙදර්ලන්තය රජයන් මගින් ලබාදෙයි. 2019 අගෝස්තු මාසය වන විට මෙම කටයුතු අවසන් කිරීමට සැළසුම් කර ඇත. මෙම ව්‍යාපෘති පෞද්ගලික හා රාජ්‍ය බද්ධ ව්‍යාපෘතියක් වන අතර ව්‍යාපෘතියේ ආදාය‍මෙන් 5%ක් අධිකාරියට ලැබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.