ඩුබායි සිට ආ ෂිෂා රේගු දැලේ

ඉහළ පෙළේ හෝටල්වල ඇතැම් සුපිරි යැයි කියා ගත් පන්තියේ පිරිස් විසින් භාවිතයට ගන්නා ෂිෂා නමැති මත්ද්‍රව්‍ය පැකට් දෙදෙහසකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ඩුබායි සිට ගෙන එමින් සිටි පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් විසින් ඊයේ (14) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ විසි පහකට වැඩි වටිනාකමකින් යුත් මේ මත්ද්‍රවය තොගය ඊයේ උදේ මෙරටට පැමිණි යූ . එල්. 226 යානයෙන් ගෙන ආ පුද්ගලයා කොටු කර ගෙන ඇත්තේ රේගු අධ්‍යක්ෂ රුවන් සත් කුමාර මහතා සමග සහකාර රේගු අධ්‍යක්ෂ දර්ශන ද සිල්වා මහතා ඇතුළු පිරිසකි. මෙරට සමාජයට තවමත් විශාල වශයෙන් එක්වි නොමැති මේ ෂිෂා නැමැති දුම් කුඩු වර්ගය සමාජ ශාල සහ සුපිරි පන්තියේ පිරිස් විසින් පාවිචිචියට ගන්නේ එම දුම් කුඩු වර්ගය හුමාලය වැනි දෙයකට දමා ආග්‍රණය කිරීමෙන් බව රේගුව පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා රේගුව මගින් කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාර දීමට නියමිතව තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.